da_zzun
Nov 15
207
841
2
44.2%
මුණගැහිලා වැඩි කාලයක් ගෙවිලා නැති වුණත්, සමහර මිනිස්සු අපේ හදවතට සෑහෙන සමීප වෙලා කියලා ඔයාලට හිතෙනවද ? සමහර මිනිස්සු ඉන්නවා, එයාලා අපේ ජීවිත වලට ඇවිල්ලා මහ කාලයක් ගෙවිලා ගිහිල්ලා නෑ... ඒත් ඒ මිනිස්සු ඒ ටික කාලෙට වුණත් අපේ ජීවිතේ වලින් විශාල ඉඩක් එයාලට අයිති කරගෙන තියෙනවා. දැන අඳුරගෙන ගෙවුණෙ බොහොම ටික කාලයක් වුණත්, අපිව තේරුම්ගත්ත, අපිව හිනස්සවලා ති⁣යන, අපේ වයිබ්ස් වලට ගැළපෙන මිනිස්සු විතරයි එහෙම ඉක්මනට අපේ ජීවිත ඇතුළෙ ලොකු ඉඩක් අල්ලගන්නෙ... සරලවම කිව්වොත් අපේ ජීවිතේට හොඳ බලපෑමක් ගේන මිනිස්සු එක්ක අපි හරි ඉක්මනට බැඳෙනවා... එයාලට ළං වෙනවා... ඒකට එයාලා එක්ක ගෙවුණ කාලය කොච්චරද කියන එක අදාළ වෙන්නෙම නෑ. ඇත්තටම වැදගත් වෙන්නෙ සමහර මිනිස්සු අපිත් එක්ක ගෙවපු කාලය නෙමෙයි... අපි එක්ක හිටිය පොඩි කාලෙට වුණත් එයාලා අපේ ජීවිතේට කොච්චර හොඳ බලපෑමක් කළාද කියන එක... අපේ බැඳීමට ඒ පොඩි කාලය ඇතුළත වුණත් එයාලා කොච්චර සාධාරණයක් කළාද කියන එක. *ඒකයි අද ඊයෙ මුණගැහුණා වුණත් සමහර* *මිනිස්සුන්ට අපේ ජීවිතේ ඇතුළෙදි අපි ලොකු* *වටිනාකමක් දීලා තියෙන්නෙ..!* 🥺🌎❤️✨ @venuwa💕 @Chuty__💀💗
da_zzun
Nov 15
207
841
2
44.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: