da_zzun
Mar 5
153
772
38.7%
" මොකද ළමයො වෙලා තියෙන්නෙ..? " " මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න " " ඇයි මේ එකපාරම..? " " ජීවිතේ එක්ක ඔට්ටුවෙලාම මට දැන් මහන්සී වගේ " " ඕවා වැඩිය හිතන්න එපා. මිනිස්සු කාටත් ඒක ඔහොමයි " " ඒත් වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම ඉක්මණට ඉවරයක් වෙලා ගියානම් කියලා " " ජීවිතේ අමාරුයි තමයි ඒත් ඔච්චරටම බලාපොරොත්තු නැතිකරගන්න එපා " " බලාපොරොත්තු තියාගෙන ඉඳියා කියලා මොකක්ද වෙන සෙතේ..? " " කවදාහරි දවසක ඒ බලාපොරොත්තු ඇත්තක් වෙන්න පුලුවන් " " එහෙම වෙයි වෙයි කියලා බලන් ඉඳලම තමයි මට දැන් හතිවැටිලා තියෙන්නෙ " " හරි දැන් ඔයාට මොකක්ද වෙන්න ඕනෙ..? “ “ මට ඕනෙ මේ හැමදේම ඉක්මණට ඉවරයක් වෙලා යන්න " " මොන වගේ ඉවරවීමක් ගැනද ඔයා මේ කියන්නෙ..? " " අනේ මංදා. හිතට මේ කිසිදියක් දැනෙන්නෙ නැතුව යනවනම් මට එච්චරයි " " ඇයි මේ ජීවිතේ එපාවෙලා වගෙ කතාකරන්නෙ..? " " මට හරි මහන්සී ළමයො " " මං ලඟ ඉදලත්..? " " ඔයා හින්දා තමයි මං මෙහෙමහරි ජීවිතේ දරාගෙන ඉන්නෙ. ඒත් ඔයාටත් හැමදාම මගෙ ලඟ ඉන්න බෑනෙ " " මං ඔයාට කිව්වනෙ ඔයාට මාව ඕනවෙන හැමවෙලාවකම මං ඔයාගෙ ලඟ ඉන්නවා " " ඒත් අපි ගොඩක් ලංවෙනවා කියන්නෙත් තව දුකකට බලෙන්ම අතවනනවා වගෙ වැඩක් " " එහෙනම් මට ඔයාගෙන් ඈත්වෙලා ඉන්නද කියන්නෙ..? " " නෑ ඔයා මෙහෙම ඉන්න. හිත කලබල වෙලාවට මට ඔලුව ගහගෙන සැනසීම හොයාගන්න පුලුවන් ඉඩක් දෙන්න. ඒ ඇරෙන්න මට ඔයාගෙන් වෙන කිසිදෙයක් එපා " 💜 _____________________________🍃🤍 “ ජීවිතේ අමාරුම දවස්වලට ආදරෙන් බදාගෙන හිත හදන කෙනෙක් ලඟ ඉන්නම ඕන " . . . . #trending #nostalgia #couplegoal #viral #foryou #foryoupage #srilanka #1millionaudition
da_zzun
Mar 5
153
772
38.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
