gayashanbx
Jul 27
179
4.7K
11
163%
"ඔයා ඊලඟ හෝල්ට් එකෙන් බහිනවා නේද?" "නැහැ මරියා" "එහෙනම්. ඔයාට ගෙදර යන්න පරක්කු වෙයි ළමයෝ!" "ඒකට කමක් නැහැ මරියා. ඔයත් එක්කම බහින්නම්. ඇත්තටම ඔයත් එක්ක ඉන්න මේ විනාඩි දෙක තුනත් මට ගොඩක් වටිනවා." "ඉතින් ළමයෝ හෙටත් අපි ක්ලාස් ගිහින් එද්දි හම්බෙනවනේ." "ඔව්! ඒත් ඒ හෙටනෙ අද නෙවෙයි නේ.." "මෝඩයා.." "ඔයා නම් හරිම පණ්ඩිතයි." "එන්න. ඊළඟ හෝල්ට් එකෙන් බහිමු." "මරියා!" "හ්ම්.. කියන්න" "පරිස්සමෙන් යන්න. ගිහින් මට මැසේජ් එකක් දාන්න" "හරී. ඔයත් පරිස්සමෙන් ළමයෝ" "අහ්.. මරියා තව දෙයක්!" "මං ජීවිතේ ලැබෙන කිසිම අවස්ථාවක් මිස් කරගන්න කැමති නැහැ. මොකද කාලය අපිට දේවල් දෙන්නෙ හරිම වෙලාවට. හරියට ඔයා වගේ!" "අනේ.. ළමයෝ!" සමහරු ඉඟියකින්වත් ආදරෙයි කියලා නොකිව්වට දන්නවද ඒ හිත් කතා කරපු හැම වචනයක් ගානෙම ආදරේ උතුරන්න තිබුණා! හිතවතුනි ආදරේ එහෙමයි! 🖤🕊️ ගයාෂාන් බණ්ඩාර ✍️ #story #status
gayashanbx
Jul 27
179
4.7K
11
163%
Cost:
Manual Stats:
Include in groups:
Products:
