gayashanbx
Dec 9
370
7.1K
4
250%
+ නෝරා! අන්න අර දැක්කද ? - මොකද අප්පේ මේ කෑගහන්නේ ? + ඔයා දැක්කෙ නැහැනෙ අර වළාකුළ. එයා දැන් එනස් උනා. - අනේ.. ඉතින් ඔයා මොකක්ද දැක්කෙ නික් ? + එයා මට දෙයක් කිව්වා! + මොකක්ද ? + එයා කිව්වා "ඔයාගෙ ආදරේ අයිතිකාරි තමා මේ ලෝකෙ වාසනාවන්තම ගෑනුලමයා" කියලා. ඒක එහෙමද නෝරා ? - ඔයා හිතනවද මං ඒ තරම්ම වාසනාවන්ත කෙනෙක් කියල. + ඔව්! ගොඩාක්! මං හිතනවා මමත් වාසනාවන්තයි. ඔයා වගේ කෙනෙක් අහම්බෙන් හරි මට මුණගැහුන එකට. - මතකද අපි මුණගැහුන දවස ? - එදා ලස්සන දවසක්! අපි දැනන් හිටියෙ නැති උනාට සොබාදහම ඒ හමුවීම ගොඩක් කාලෙක ඉඳලම ප්ලෑන් කරලා කියලයි මට තාමත් හිතෙන්නෙ.. + ඔව්! සමහරවිට අවුරුදුගාන්ක් ම! මට තාමත් මැවිලා පේනවා මම කෝච්චියෙන් බැහැල එද්දි. ඉර අවුව වැටිලා හරියට මූණවත් පෙනුනෙ නැහැ . ඔයා ගොඩක් දුරිනුයි හිටියෙ.. ඔයාගෙ ලඟට එනකල්ම මට මූණ දිහා බලන්න බැරි උනා. උනුසුම් වැළඳගැනීමකිනුත් පස්සෙ තමයි මම ඔයාගෙ ඇස් දිහා බැලුවේ. මට ලියුම් වලින් දැනුන ඒ සුවඳමයි, මම අනුමාන කරමු කටහඬමයි, හීනෙන් මැවි මැවි පෙනුන ඒ ඇස් මයි! අදහගන්න බැරි උනා! මගෙ හිතේ මැවිලා තිබුන සිතුවිල්ල.. මට ඒ තත්පර ටික අදටත් විශ්වාස කරන්න අමාරුයි නෝරා! - ඇයි ඔය විදිහට බලන් ඉන්නෙ නික් ? + සමහර චිත්‍ර දිහා බලන් ඉන්න පුලුවන් ඕනි තරම් වෙලාවක්. ඉතින් පන තියන චිත්‍රයක් දැක්කම ඇස් පිල්ලම් ගහන්නත් අමතක වෙන එක! කියන්න දෙයක් නෙවෙයි! - සමහරවිට! - මං බලන් හිටියා ඔයාගෙන් ආයෙම ලියුමක් ඒවි කියලා! ඒත් ලියුමක් ආවෙ නැතිකොට. මං අහස දිහා බලන් ඔයාට කතා කලා... මං ඇඬුවෙ නැහැ කිව්වොත් ඒක බොරුවක්! + ඔයා දන්නවද දෙයක් නෝරා ? අපි ඉන්නෙ ගොඩක් ඈතක වෙන්න පුලුවන්. ඒත් මේ අහස දිහා බලන හැම වෙලාවකම මට ඔයාව දැනෙනව! මගෙ ලඟින් ඉන්නව කියලා හිතෙනව! ඔයාගෙ ආදරේ මට දැනෙනව! සැරින් සැරේ කරදර කර කර කිව්වෙ නැති උනාට! මටත් පාලුව දැනනව! - ඔයා හරිම නරකයි නික්! මං තරහයි ඔයත් එක්ක. + ඒත් ඇයි? කෝ! මෙහෙට එන්න! මේ ලෝකේ වසනාවන්තම ගෑනුලමයට මගෙන් හාදුවක්! - බැහැ! ඒත් මං තරහයි! + මං ගාව ඉතුරු කරගත්ත ආදරේ ගොඩක් තුයනව! ඔයාට දෙන්නයි ගෙනාවෙ! එපාද ? - ඒයි මගේ ආදරණීය මෝඩයා! කෝ එන්න! + ආදරෙයි! නෝරා! 💛 • Nicks Diary ........................................................................................ ඔයා මගෙන් ඇහුවොත් ආදරේ කියන්නෙ මොකක්ද කියලා මම දෙන උත්තරේ "ආදරේ කියන්නෙ මැජික් එකක්!" ඒමැජික් එකට කාලය, විශ්වාසය, කැපකිරීම් වගේම උනුසුම් හාදු, වැළඳගැනීම්, බලාහිඳීම්, සතුටු කඳුළුත් තියෙන්නම ඕනි! ඔයාටත් දැනටමත් ආදරයක් තියෙන්න පුලුවන්, නැති වෙන්නත් පුලුවන්, ආදරයක් තිබිලා තියෙන්නත් පුලුවන්, ඒකපාර්ශික හෝ නැති වෙන්නත් පුලුවන්. කොහොමහරි අනිවාරෙන්ම දවසක ආදරණීය හදවතක් ඔයාට මුණගැහේවි! මේ සොබාදහම අන්න ඒ දවසෙදි ඉතුරු කරගෙන ඉන්න ආදරේ ඒ මැජික් එක ඒ කෙනත් එක්ක ආදරෙන් බෙදාගන්න! අමතක කරන්න එපා! ජිවිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත්! මං කියන්නෙ ආදරේ මිස් කරගන්න එපා! ආදරෙයි! ගයාෂාන් බණ්ඩාර ✍️ #diaryofgayashan #diary #favoritememories #status #bibliophile #cinematic @Nora ☁
gayashanbx
Dec 9
370
7.1K
4
250%
Cost:
Manual Stats:
Include in groups:
Products:
