308
2K
4.16%
Replying to @m.a.s.malshan මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක... ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා... හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා... ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා... ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා... ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ... ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න... එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්... ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා... එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා... එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා... පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා... බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා... ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා... හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..! Bar එක හරි කිව්වේ නෑ... ඒ උනාට හිතන්න... මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට... වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට... තමන්ට Respect කරන තැනකට... මිනිස්සු ඒවා හොයන් යනවා... කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා... අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු... 🌹😍🌹
308
2K
4.16%
Cost:
Manual Stats:
Include in groups:
Products: