1K
28K
7
9.52%
විජය කුමාරතුංග වැනි ජනප්‍රිය නලුවෙක් තවමත් සිනමාවට බිහි වෙලා නෑ 🔥 රංගන ශිල්පියා කියන වචනෙට අමතරව මොහු ප්‍රේක්ශකයන්ගේ හදවතට කතා කරපු නලුවෙක් මිනිස්සුන්ගේ දුක දැනුන නලුවෙක් !! විජය කුමාර තුංගයන්ගේ ජන්ම සංවත්සරය අදයි !! ඉතින් දැන් මම කියන්න යන්නේ ඔහු ගැන නොදන්න අයට වගේම ඔහු ගැන දන්න අයටත් විජය කුමාරතුංග නැමැති විශිෂ්ට මිනිසා ගැන කරුණු ටිකක් ඔහු සිනමාවට පිවිසෙන්නෙ 1965 දශකයේ ඔහුට වයස අවුරුදු 20 සම්පූර්ණ වීමත් සමග !! ඔහු තම ජීවිත ගමන 1988 අවසන් කරන විට ලාංකීය මෙන්ම ලාංකීය නොවන චිත්‍රපට 124 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා එනම් වසර 23 පමණ වන කෙටි කාලයක් තුලදීය!! “හන්තානේ කතාව" ඔහුගේ ප්‍රථම චිත්‍රපටය ලෙස ඔබ සිතුවත් එය නිවැරදි නොවේ ඔහුගේ ප්‍රථම ටෙලිනාටය - සිතිජය ඔහුගේ පප්‍රථම චිත්‍රපටය ජෝ අබේවික්‍රමයන් ප්‍රදාන චරිතය රංගනයෙන් දායක වූ - මනමාලයෝ දෙවන චිත්‍රපටය - පුරන් අප්පු වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් මෙන්ම එක් වැඩිමහල් සහෝදරයෙකුගේ පවුලේ බාලයා වූයේ මොහුයි. ඔහුගේ සහෝදරයා වූ සිඩ්නි කුමාරතුංගයන් ගේ පුතා තමයි රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඔහුගේ අග්‍රගන්‍යෙ නිර්මාණයන් - බඹරු ඇවිත් , ගග අද්දර , බැද්දේගම , එයා දැන් ලොකුලමයෙක් , පාර දිගේ , කැඩපතක චායා 1980 යනු ඔහුගේ ජනප්‍රියත්වයේ ඉහලම තලයක පිහිටි කාලය වුනා අපේ භාශාවෙන් කිව්වොත් පීක් ටයිම් එක 1983 සිට 1988 දක්වා සියලුම වර්ශයන් හී ජනප්‍රියම නලුවා ලෙස සරසවි සම්මාන දිනා ගත්තේ මොහුයි !! මෙලෙස අකණ්ඩවම වසර 6ක් මෙම සරසවි සම්මානය දිනා ගත් වෙනත් නලුවෙක් තවමත් සිංහල සිනමාවේ බිහි වී නෑ අවාසනාව නම් වසර ගණනාවක් ජනප්‍රියම නලුවා වූවත් ඔහුට හොදම නලුවාට හිමි ස්වර්ණ සංබ සම්මානය හිමි වූයේ ඔහුගේ අභාවයෙන් පසු පැවැත්වූ සම්මාන උළෙලේදී ඔහු රංගනයෙන් දායක වූ කැඩපතක චායා චිත්‍රපටයටයි !! අද ලෙස පෞද්ගලික සම්මාන උළෙලවල් හැටහුටාමාරක් 70 - 80 යන කාල වලදී නොතිබුන අතර සරසවි සම්මාන උළෙලකදී යම් ඇගයීමකට රංගන ශිල්පියකු පත් වුවහොත් එය ලංකාවේ පමණක් නොව විදෙස් මාදය වල පවා කතාබහට ලක්වූ ගෞරවාන්විත එකක් විය විජය කුමාරතුංගයන්ගේ ප්‍රියතම නලුවා ටෝනි රණසිංහයන් වන අතර විජය සෙසු චරිතයකින් රංගනයෙන් දායක වූ මනමාලයෝ චිත්‍රපටයේ සිටම ටෝනි රණසිංහයන් ගෙන් ඔහු උගත් දේ බොහොමයක් වන බව ඔහු වරක් පවසා සිටියා විජය කුමාරතුංගයන්ගේ අභාවයෙන් ඔහුගේ පවුලේ අය හැරුනුකොට වැඩිපුරම කම්පාවට පත් වූ පුද්ගලයා ටෝනි රණසිංහයන් බවයි කියවෙන්නේ !! රංගනයට අමතරව ගායන ශිල්පියකුද වූ විජය කුමාරතුංගයන් ගීත 100 යක් මෙන්ම කැසට් පට 10 කුත් කර තිබෙනවා එයින් වඩාත් ජනප්‍රිය ගීත 5ක් මම කියන්නම් ගග අද්දර , සැරඇටියෙන් අපි , ආදරයක හැගුමන් , දගගෙයි දඩුවම් දන්නවද 1986 වර්ශයේ යුද්ද ය පැවති සමයේ යාපනයට ගොස් බිය නැතිව දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිලිබදව ඔවුන් සමග කතා කරපු ප්‍රථම දේශපාලකයා ඔහුයි ඒ වගේ වගේ විජය කුමාරතුංග මහත්මයා දේශපාලනයට පිවිසියේ අවංක නායකත්වයක් තුලින් ලාංකික ජනතාවගේ ප්‍රශ්න විසදීමට වූවත් එය ඔහුගේ ජීවිතයට බලපෑම් කරන ලද ප්‍රදානම කරුණ වූ බවනම් පැහැදිලියි !! ප්‍රශ්නෙ මොකද්ද කරේ කවුද කියන එක ඉතිහාසයේ දෝලනය වන විසදිය නොහැකි පිලිතුරක් බවට පත් කරමින් 1988 පෙබරවාරි මස 16 වන දින තම නිවස ඉදිරියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විජය කුමාරතුංගයන්ව වෙඩි තබා ඝාතනයට පත් කරා !! ඔහුගේ මරණය ලාංකීය සිනමා රසිකයන්ගේ කෙතරම් කම්පනයට පත්වූවාද එම නිසා සිනමා රසිකයන්ගෙන් 60% පමණ චිත්‍රපට ශාලාවකට ගොස් සිනමා නිර්මාණ බැලීම නැවැත්වීමද එකල ට්‍රෙන්ඩ් එකක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා . එහි අතුරු ප්‍රතිපලයක් ලෙස සිනමා කර්මාන්තයේ කඩා වැටීමද සිදු වූ බව සිනමා විචාරකයන් පවසා ඇති අතර නැවත එය ගොඩ නැගීමටනම් ඔහු නැවත ඉපදිය යුතු බවද 90 දශකයේදී ප්‍රේක්ශකයන් පවසා තිබෙනවා !! ඉතින් විජය කුමාරතුංගයනී ආරාදනා කරනවා ඔබට නැවතත් ඉක්මණින්ම අපි අතරම ඉපදෙන ලෙසට ♥️ මේ සියලු කරුනු මා ඔහු කෙරෙහි ඇති දැඩි ආදරය හා භක්තිය වෙනුවෙන් ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් , ලංකාවේ සිනමා කර්මාන්තය දියුනු වනවා දැකීමට මෙන්ම එය ලෝකයක් ආදරය කරන සිනමාවක් කිරීමට වෙර දරන නවක චිත්‍රපට නලුවෙකු ලෙස ඔහු ගැන පරිශීලනය කරීමෙන් අනතුරුව සොයා ගත් කරුණු වේ !! -නිසල හෙට්ටිආරච්චි-
1K
28K
7
9.52%
Cost:
Manual Stats:
Include in groups:
Products: