adi.baba2
Jul 16
88
544
19.6%
සංවේදී හිත් මරන්න එපා! ආයෙ පණ දෙන්න අමාරුයි! ඔබට හමු වෙලා තියෙනවද මෙන්න මෙහෙම මිනිස්සු.. පුංචිම පුංචි දේවල් වලටත් මහ ගොඩක් අඬන මිනිස්‍සු, පුංචිම පුංචි දේවල් ගැනත් මහ ගොඩක් හිතන මිනිස්සු , අඬන්නත් දෙයක්ද කියලා ඔබට හිතෙන දේවල් වලටත් වැලපෙන මිනිස්සු.. මෙහෙම මිනිස්සු ඔබට හමු වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔබ ඒ වගෙ මනුස්සයෙක්ද? මම හිතන්නෙ අපිට එදිනෙදා හමුවෙන සංවේදී හෝ අධි සංවේදී මිනිස්සු මෙන්න මේ වගේ. ඇතැම් විට ඔබත් අධි සංවේදී මනුස්සයෙක් වෙන්න ඇති. මම දැකලා තියෙනවා අධි සංවේදී මිනිස්සු තව කෙනෙක්ගෙ රැවටීම් , රිදවීම් වලට මුහුණු දුන්නු වෙලාවන් වලදි දැඩි වෙහෙසක් දරලා යථා තත්වයට ආවට පස්සෙ තමන්ගෙ හිත ගල් කර ගන්නවා. අඬන්න ඕන අවස්ථා වලදිත් එක කඳුළක් නොහෙලා ඉන්නවා. හැම දේ ගැනම උපේක්ෂාවෙන් බලනවා. එක දිගටම දරුණු ගණයෙ සිත් රිදවීම් ඇති වුණාටත් පස්සෙ මිනිස්සුගෙ හිත් මැරෙනවා. සංවේදී බව මැරෙනවා. ඉතිං හිතවතුනි හේතුව කුමක් වුණත් මිනිස්සුන්ගෙ හිත් මැරෙන විදියට වැඩ කරන්න එපා. ඔබට පුලුවන් මැරෙන්න යන හිත් වලට පණ දෙන්න. හිත් හදන්න. ආනිවාරේන්ම ඒක ඔබට පුලුවන්🥺💕🫶..............
adi.baba2
Jul 16
88
544
19.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
