jaya_ni_xo2
Feb 12
46
280
1
6.72%
“ රිදෙනවා මෝඩියේ " " පොඩ්ඩක් ඉන්න තව ටිකයි " " මොකද ඔය කරන්නෙ..? " " ඔයාව මගෙ නමට ලියාගන්නවා " " දැන් මේ ලියාගෙන තියෙන තරම මදිද..? " " එහෙම මදි. ඔයා මගෙ විතරක් කියලා ඔයාටත් දැනෙන්න ඕනි " " ඒකද මේ පිට පහුරුගාන්නෙ..? " " ඔව්. ආයෙ වෙන එක නැට්ටිච්චියෙක්ටවත් ඔයා දිහා බලන්න වෙන්නෙ නෑ " " ඒ මොකද..? " " එහෙම තමයි.මගෙ එකා දිහා වෙන වෙන තේ උඩිච්චියො බලනවට මං කැමති නෑ " " දැන් මොකක්ද ඔය පිට දිගේ පහුරුගෑවෙ..? " " MINE කියලා " " ඔයාගෙ තමයි මෝඩියෙ. ඔයාගෙම විතරයි. ආයෙ ඕකට වෙනම ලේබල් ගහන්න ඕනෙ නෑ " " ඒ වුනාට කියන්න බෑනෙ මේකව කොහෙහරි ඉන්න නැට්ටුක්කාරියෙක් අල්ලගත්තොත් එහෙම මට යන කලදසාව මොකක්ද..? " " මාව ඔච්චරටම සැකද..? " " ඔයාව සැක නෑ මහත්තයො මට සැක අනික් තේ උඩිච්චියන්ව. බලන්න එපැයි මං එක්ක පාරෙ යද්දිත් උන්ගෙ තියෙන මුකුලුව " " මං ඕවට අහුවෙන්නෙ නෑ " " මායමක් දාලා අල්ලගත්තොත් එහෙම " " අම්මෝ. මට මේ ඉන්න කරදරේ ඇති. තව ඒවා ඔලුවෙ දාගන්න මට පිස්සු නෑ " " ආහ් එතකොට දැන් මං කරදරයක්ද..? එහෙමද ආහ්..? " " නැත්තන්. පේනවනෙ මේ ලඟ ඉන්න විනාඩියට මට දෙන වද ගොඩ " " ඒ ආදරේටනෙ " " ආදරේට කියලා පිට පහුරුගාන ගෑණියෙක් දැක්කමයි. ගිය ආත්මෙ පූසියක්ද කොහෙද " " ලෝබකම, අයිතිවාසිකම නැත්තන් මේ ගෑණුකමෙන් වැඩක් තියෙද..? " " ඔයාගෙ තමයි මං. ආයෙ වෙන කෙනෙකුට ලංවෙන්න හිස්තැන් අපි දෙන්නා අතරෙ නෑ " " ගෑණියෙකුට තියෙන ලොකුම බය මේක " " මොකක්ද..? " " ආදරෙන් බදාගත්තට පස්සෙ ඒ මනුස්සයා ඈත්වෙයි කියන බය " " ඇයි එහෙම හිතන්නෙ..? " " හිතන්නෙ නෑ හිතෙනවා. දෙයක් තදින් අල්ලගත්තට පස්සෙ ඒ දේ නැතිකරගන්න මං හරි බයයි " " ඒකද මේ හැමදේම..? " " ඔව්, ලෝබකම් කරන්නෙ අයිතිවාසිකම් කියන්නෙ තමන්ගෙ ආදරේ ලඟ තියාගන්න මිසක් වෙන කිසි දේකට නෙවෙයි " " ඉතින් මං කිව්වනෙ. මාව දැන් වෙන කෙනෙකුට අයිතිකරගන්න ඉඩක් නෑ " " ඒ විශ්වාසෙ බිඳින්නත් එපා. මට එහෙම දෙයක් දරාගන්න බැරිවෙයි " ❤️ ❛❛ තමන්ගේ කියන අයිතිවාසිකම්වලට ගෑණු හිත් හැමදාම ලෝබකම් කෙරුවා ❛❛ #flypシ #foryou #foryoupage #He_Sh_li_ #sadstory #foryoumylastlove #onemillonaudition #fyyyyyyyyyyyyyyyyyyy🦋ッ💞
jaya_ni_xo2
Feb 12
46
280
1
6.72%
Cost:
Manual Stats:
Include in groups:
Products:
