kavishmaduwantha7
Dec 8
177
803
2
21.6%
හීනයට වැටෙන වැස්සට වඩා මං ආස හයියෙන් ම වහිනවට එක දිගට වැහැලා වැහැලා ආයෙ ඉක්මනටම පායනවට ඒ පෑයුවට පස්සෙ වටේ පිටේ හරි ලස්සනයි ඔව් පාරවල් දිගට හේදිලා හේදිලා තියෙන දුවිල්ලත් අයින් වෙලා ගියාම ඒක ඇත්තටම ලස්සනයි නිකමටවත් හිතිලා නැද්ද මතකවලින් හෙම්බත් වෙලා විඳවන්න ඕන කාලෙ ඕනවටත් වඩා විඳවලා තියෙන හිතකට එහෙම වැස්සක් වැස්සොත් පරණ මතක සේරම හේදිලා යන්න ආයෙම පාරක් ජීවිත් වෙන්න පුළුවන් වෙන්න ඒ විදිහට වැස්සක් වැස්සොත් ඒක මොනතරම් ලස්සන වෙයිද ඉතින් ළමයො මං අහන්නෙ ඔයාට බැරිද එහෙම වැස්සක් වෙන්න එක පාරක් මං ඔයාට ආදරෙයි කියලා හරි තදට වැළඳගන්න එතනිින් එහාට මට පුළුවන් වෙයි ඔයා වෙනුවෙන් ම ආයෙ පාරක් හිනාවෙන්න මගෙ හිනාවට හේතුව ඔයා කියලා මුළු ලෝකෙටම ඇහෙන්න කැගහලා කියන්න ඉතින් මැජික්කාර ළමයො ඔයාට බැරිද මට ආදරේ කරන්න ❤️ කවි ❤️
kavishmaduwantha7
Dec 8
177
803
2
21.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
