kavishmaduwantha7
Sep 12
126
620
16.6%
සෙංකඩගල දළදාවෙ තේවා හඩ නුවර පුරා සිල් සුවද හෙමින් හෙමින් පතුරද්දි, වැව රවුම ආඩම්බර හිනාවකින් හැමෝගෙම නෙත් වසගයට ගන්නවා... හවස වැස්සට ලිහිණියෝ උජාරුවෙන් නුවර අහසේ ඉගිලෙද්දි, බහිරව කන්දෙ හෙවන අපූරුවට නුවර පුරා විහිදී වැටෙනවා... හන්තානෙන්, උඩවත්ත කැළෙන් එන සීතල හුලන් තෙහෙට්ටුව නැත්තටම නිවද්දි, රජ වාසල උද්‍යානයේ පෙම්වතුන්ගෙ පෙම් දෙබස් තව තවත් ලෙන්ගතුව ඇහෙනවා... දහස් ගනන් කවියෝ මෙ නුවර ලස්සනට කවි ගී නොකඩවා ලිවුවාට, නුවර ලස්සනින් හංගන කදුළු ගොඩකුත් මෙ නගරෙ හැංගිලා තියෙනවා... සිය දහස් ගනන් පෙම් කතා මෙ නගරෙට සත්තකින් උරුමයි, බොහෝ කතා මෙ නගරෙ එක් උනාට, නපුරු උනු තැන් ඊට වඩා බෝමයී... පිං බිමක් ලෙසින් වූවාට, වැව රවුම පිටාර ගලන්න තරම් කදුළු මේ නුවර පොලවේ හැංගුනා.... ඉකි ගහන රිදුම් ගොඩක් මෙ නුවර හුලග සීතලෙන් යට කරා... නුවරට වහින වැස්ස මෙ හැම දුකක්ම දැන දැනත් වැටුන කදුළු සේරම හොරෙන්ම හේදුවා... රෝබරෝසියා මුල් වෙන් උනු දුක් උරන් මල් තවත් ලස්සන කරා... කවියෝ නුවර ලස්සන පෙන්නලා ඉකි ගගහා අඩන මෙ කතා ලෝකෙන්ම හැංගුවා... නුවර අහස මෙ හැම සාක්ෂියක්ම දුකෙන් වුනත් අනේ සදහටම හැංගුවා... හරි ආදරෙන් පිරුණු හිත් ගොඩක් මෙ නුවර නපුරු ලෙස වෙන් කලා... අදටත්... වෙන් වු ඒ ප්‍රේමණීයන් නුවර මතක අමතක කල නොහැකි තැන රහසේම අඩනවා... ඉකි ගහන හඩ උන්ගේ කන් පුරා තව තවත් දෝංකාර දී ඇහෙනවා... නුවර හැඩ කියන කවි ගී ඇහෙන ගානෙ උන්ගෙ පපු පව් පිච්චෙනවා වගෙ දැනෙනවා, වැව රවුම දකින පහු වෙන හැම වාරෙම උන් මතක ගොන්නක තනියම අතරමං වී යනවා ... අදත් පෙම්වතුන් වැව රව්මෙ අත් පටලන් ඇවිදිනවා උන් දකිනවා... හුරු උනත් ඒ පුරුදු පාරේ තනියමවත් යන්න උන්ගෙ දෙපා අද වාරු නැති බව උන් දන්නවා... ලස්සන ආඩම්බරකාර නගරෙ උන්ව රිද්දපු හේතු උන් තාමත් උමතුවෙන් මෙන් හොයනවා... පණ වගේ රැක ගත්ත එ ආදරේට උරුමකම් කියපු පෙම්වතා, පෙම්වතිය අද කොහෙද කියලාවත් ගොඩක් උන් නොදැන, වෛර කරන්න හේතු දාහක් තිබුනද මෙ පෑරුනු හිත් අදටත් මෙ ආඩම්බරකාර නගරෙට හදවතින්ම ආදරේ කරනවා... නුවර හරි ලස්සනයි එ වගේම හරි නපුරුයි නේද කියලා උන්ගෙ හිත් උන්ගෙන්ම හැමදාම අහනවා... ( නොදැනියේ ❤ ) #foryou #tranding #viraltiktok #fyp #like #kavish #vairal #trendingvideo
kavishmaduwantha7
Sep 12
126
620
16.6%
Cost:
Manual Stats:
Include in groups:
Products:
