63
437
2.99%
මට තියෙනවා හරිම ආදරණීය මතක් උනත් හිත නිවෙන Addict උනු Account එකක් ! කාලයක් මම ප්‍රේම කරපු කෙනා කියන්න බෑ... මගේ ඒක පාර්ශ්වික ප්‍රේමය කියන්නත් බෑ.... මගෙ යාලුවා කියන්නත් බෑ.. මගෙ යාලුවෙක් විතරයි කියන්නත් බෑ... මගෙ ජිවිතේ මගෙ හිත නිවපු කෙනා කියන්නත් බෑ.. එක එක කාල වල ඒ හැම චරිතෙම එයාට තිබුණා... අන්තිම කාලේ මං මාර විදියට එයාට addict උනා... ආදරේ කලා. ... හැබැයි එකම පොදු කාරණාව වුනේ අපි කිසිම විදිහකට එකිනෙකාට අයිති නොවුන එක.... කිසිම හේතුවක් දන්නේ නැතුව මම එයාගේ reject list එකට වැටුනා... ඔය reject වීම දකින පලවෙනිම වතාවේ මගෙ හිතට දැනුනු වේදනාව ලෝකෙටම හංගන් මම අද වෙනකනුත් අරන් ආවා... හේතුව මට දුක් උනත් කරන්න දෙයක් නැති කම... එයා හරියටම මගේ හිතේ මැවිලා ඉන්න මනුස්ස රූපේ වගේමයි.. සමහර දේවල් මුකුත් නොකියම එයා තේරුන් ගත්තා, සමහර දේවල් වල අතරමං වෙලා ඉද්දි එයා මාව සැනසෙව්වා... අපි අල්ලගන්න පුරුදු වුනා, අපිවම, මානසිකව.... අපි දෙන්නටම තිබුන එකම හේතුව අපේ ඔලු ඇතුලේ අපිටම කරගන්න බැරුව හිටිය යුද්දේ... ඒ යුද්දේ පුලුවන් කාලයක් අපි ඇදගෙන ආවා... අපි දෙන්නටම එකම වගේ තුවාල තිබුණා.... අන්තිමට අපි අපිවම සනසගත්තා.... "මට ඔයාව අත අරින්න ලෝභයි" මං මගේ අතිශය ආත්මාර්ථකාමි ප්‍රකාශය නිතරම එයාගේ මූණට දමලා ගැහුවා.... "මට ඔයා නැතුව ඉන්න අමාරුයි " මට නිතරම කියන්න ඕන උනා.. එයාට තිබුණේ මට වැඩිය දරදඩු, පරිණත මනසක්... ඒ හින්දා එක මහ රෑක එලි වෙන පැය දෙක තුනට එයා මාව දුරස් කලා.... එදා ඉදන් අද වෙනකන් ඒ chat එක පුරුදු වුනා නිහඩවම මගේ දේවල් අහන් ඉන්න... සමහර විට කෙලින් එයාට කියන්න බැරි දේවල් පවා chat එක දරන්න පුරුදු වුණා.... අතිශය දුරස්ථ හැගීමක මම සැහැල්ලුවෙන් හිටියා... අන්තිමට මම තේරුන් ගත්තා අපේ හැගීම් අපිව අහන් ඉන්න පටන් ගත්තාම අර භෞතිකත්වය තිබුණත් එකයි නැතත් එකයි කියලා... " මොනව වුණත් මට ඔයාව අත අරින්න ලෝභයි.." 🙃♥️ #capcut #VN #Ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan
63
437
2.99%
Cost:
Manual Stats:
Include in groups:
Products: