45
176
26
12.5%
: පුංචි කතාවක් කියන්නද ? • එකමත් එක කාලෙක , කැමේලියා කියලා ගෑනු ලමයෙක් හිටියලු 👀 මේ ගෑනු ලමයා හරිම වෙනස් කෙනෙක් ලු, අනිත් ගෑණු ළමයි වගේ නෙමෙයිලු, හිතන පතන විදිය, කරන කියන දේවල්, සේරම හරිම වෙනස්ලු . මේ ළමයා දකින විදියට, වැස්ස මේ ළමයා එක්ක කතා කරනවලු කරනවලු, ගස් මේ ළමයා එක්ක හිනා වෙනවලු, ඒ වගේම ගස්වල මල් මේ ළමය එක්ක රහස් කියනවලු , ඉතින් මෙයාගේ මේ අමුතු ගති නිසා එයා ගොඩක් වෙලාවට ඉන්න කැමති වුනේ තනියෙන්ලු මොකද එයා බය වුණාලු මිනිස්සු එයාව දැනගත්තම එයා අමුතුයි කියලා එයාව කොන් කරයි කියලා. ගොඩක් වෙලාවට මේ ළමයගෙ දුක සතුට දැනගෙන හිටියේ මේ ළමයා හැමදාම ලියන ඩයරියයි, කවි පොතයි විතරයිලු. හැබැයි එක දවසක් මේ ළමයා දැක්කලු අහසේ ලස්සනට පායලා තියෙන හඳ, ඒ වගේම මේ ළමයා දැක්කලු ඒ අහසෙ ලස්සනටම පායලා තියෙන තියන තරුු ගොඩකුත් . මේ ළමයා හැමවෙලේම හිතන් හිටියේ ටියුලිප් මල් වගේ ලස්සන ආදරයක් එයාට ලැබෙයි කියලා. ඒත් එයා හොයපු වගේ ආදරයක් මේ ලෝකේ කොහෙවත් එයාට හම්බවුණේ නැහැලු. ඒ ගැන කනස්සල්ලෙන් ඉද්දි තමයි මේ ළමයට මේ අහස ලස්සනට පායලා තියෙන හදයි , තරු ගොඩයි දැක්කේ. මේ ළමය හිතාගෙන හිටියේ ඇත්ත ආදරේ තියෙන්නේ අහන්කාර , නපුරු , අහිංසකනැති , ආඩම්බර ඇය ගාව කියලා . ඇත්තටම මේ ළමයා හිතන් හිටියේ 'හද' වගේ අය ගාව තමයි ඇත්තම ආදරේ තියෙන්නේ කියලා පස්සේ මේ ළමයට හඳටයි තරුවලටයි අමතරව තව දෙයක් හිතුනලු , මෙච්චර කාලයක් මෙයා හිතන් හිටියේ හඳ අයිති අහසට කියල ඒ වගේම තමන්ට ලැබෙන්නත් ඕනේ තමන් හිතනවා වගේ තමන්ට ඕන විදියේ ආදරයක් කියලා තමයි , මෙයා හිතන් හිටියේ. පස්සේ මෙයා මේ ගැන හිත හිත හිත ඉද්දි , අහස මේ ළමයට කතා කරාලු , අහස ඇහුවලු මෙහෙම ; " " ඇයි මේ හිස බිමට බර කරන් , නෙත් හයියෙන් තද කරන් , ගැටලුවක් තියෙනවා නේද සිත පතුලේ කිමිදෙමින් , ඔබගේ පැනයට සිත නිවන පිළිතුරක් තියෙනවා මගේ හදේ ලියවෙමින් " " , ඊට පස්සේ අහසට ළමයා මෙහෙම කිව්වලු ; " හද පායනවා හැමදාම , අහංකාරව හැඩ වෙනවා මැද තාම , මහා ලොකු ඇති ආදරයත් ඇය ගාව , පතන්න ඕනෙ ප්‍රෙමයක් හද වාගෙ " ♥️ ඊට පස්සේ ඒ ළමයට අහස මෙහෙම කිව්වාලු ; " අමාවක එනවා දරුවො 30 කට වරක් හැමදාම ,අහන්කාරකමට බෑ හිත් විනිවිද නිතර දකින්න , කප්පරක් ආදරේ තිබුණත් වැඩක් තියෙනවා දශමයක් නොදැනෙන දාක , පතනවා නම් පැතිය යුත්තේ අර වගේ ප්‍රේමයක් හැමදාම"..........😌 • එහෙම කියලා අහස පෙන්නපු පැත්ත දිහා ළමයා බැලුවලු ළමයගේ ඇස් පුදුමයෙන් ලොකු වෙලාලු ............. • ඒ පුදුමෙන්ම ළමයා මෙහෙම ඇහුවලු ; " මොකක් _තරුවක්_ ?"⭐ අහස පෙන්නුව ඒ දුරම දුර පායලා තියෙන එක විශේෂ තරුවක් දිහා ළමයා පුදුමෙන් බැලුවලු . එහෙම බලලා ළමයා අහසගෙන් මේහෙම ඇහුවලු ; - " මොකක්ද ඒ තරුවේ තියෙන ඔය කියන තරම් විශේෂත්වය හඳකටත් වඩා............"👀 එතකොට අහස ළමයට ලස්සනට හිනහ වෙලා මෙහෙම කිව්වලු ; " ඒ තරුව ගාව විශේෂ මායා බලයක් තියෙනවා, ඒ තරුවගේ හිතේ දශමයක් ආදරේ පුරවගෙන ඒ තරුව කප්පරක් දැනෙන්න සලස්වනවා , හඳ නැති රාත්‍රියවල මගේ පාලුව මකනවා , හැමදාම ලඟින් ඉන්නව , පායනවා දිලිසෙනවා හැමදාම මට හිනාවෙනවා ......... ළමයා එයාගේ හිතේ තිබ්බ ගැටලුව විසඳුනා වගේ අහසට මෙහෙම කියනව ; " මං මෙච්චර කාලයක් හිතන් හිටියේ හඳ අයිතිය අහසට කියල , ඒත් අද තමයි මං දැනගත්තේ අහස අයිති අර අයිනක පායන අහසට විශේෂ පුංචි තරුවට කියලා ⭐♥️" එතකොට අහස මෙහෙම කියනවා .......... පේන දේට වඩා ගැඹුරු ගොඩක් දේවල් මෙතන තියෙනව ළමයා , හැමෝම කිව්වට හඳ අයිති අහසට, අහස අයිති හඳට කියලා, හැමෝම නොදන්නා ඇත්ත තමයි අහස හැමදාම අයිතිවුනේ එයාගේ විශේෂ තරුවට කියලා .........🥹⭐♥️ ඊට පස්සේ ළමයාත් හිතා ගත්තා, එයාගේ පුංචි තරු හිතට අහසක් වගේ කෙනෙක් හොයාගන්නවාා කියලා ♥️⭐ අහසයි තරුවයි හැමදාම ආදරෙන් හිටියලු , එ ලමයටත් එහෙම ලස්සන ආදරයක් හම්බුනාලු , තිබ්බාලු 🥹⭐☁️ ~ අහසට හිතා ගන්න බැරි තරම් තරුව ආදරෙයි 🥺⭐☁️ ~ තරුවට හිතාගන්න බැරි තරමටත් අහස තරුවට අදරෙයි 🥺✨🍁🤍 මේ කතාව ඒ දෙන්නාගෙ ආදරේ ලස්සන මතකයක ආරම්බය උනා ✨🤍 #fyp #onemillionaudition @tharu 🩷
45
176
26
12.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: