200
1.9K
1
12.5%
දෙයියනෙ මං වෙනුවෙන් කවුරුත් විශේෂ පෝස්ට් එකක් ශෙයාර් කරලා නෑ නේද.?! ඒ කියන්නෙ මේ මීම් එකකට ටැග් කරලා ශෙයාර් කරන එකවත්, මං ගැන තියෙන මොකක් හරි ශෙයාර් කරන එකවත් නෙවෙයි.. මං කතා කරන්නෙ අර සීරියස් පෝස්ට් ජාතිය ගැන. අර ලස්සන වචන එක්ක, දිගට ලියවෙන පෝස්ට් තියෙන්නෙ.. හෘදයාංගමව, හෙන සීරියස් විදියට, මෙහෙම මනුස්සයෙක් මටත් හිටියා, නැත්තං මෙහෙම මනුස්සයෙක් එක්ක මං කතා කරනවා, මෙහෙම මනුස්සයෙක්ට මං ස්තුතිවන්ත වෙනවා කියලා ශෙයාර් වෙන පෝස්ට් තියෙන්නෙ. අර 'එයාගෙ ඇස් වල ලොකු ගැඹුරක් තිබ්බා, එයාගෙ වචන මාර විදියට මට දැනුණා, එයාගෙන් එන කෙටි පණිවිඩයක් ගානෙ මගෙ හිත නිවුණා, මට ඕනිම වුන වෙලාවක එයා මං ලග හිටියා' කියලා ලස්සන පොටෝ එකක් එක්ක ශෙයාර් වෙන සීරියස්,හෘදයාංගම පෝස්ට් ජාතිය ගැන මං මේ කියන්නෙ. මං සෑහෙන්න මතක් කරලා බැලුවා.. ඒත් ම්ම්හ්..😮‍💨😪 මං වෙනුවෙන් එහෙම පෝස්ට් එකක් ශෙයාර් වෙලා නෑ. අර මං නිසා හිත නිවෙනවා කියලා, මාව ටැග් නොකර හෝ මාව හිතින් හිතාගෙන කිසිම කෙනෙක් මෙච්චර කාලෙකට කිසිම පෝස්ට් එකක් ශෙයාර් කරලා නෑ. මේවා ඉතින් වැඩිය හිතන්න ඕන දේවලුත් නෙවෙයි.. ඒ උනාට මට ඒක නිකං මතක් වෙලා, එහෙම දේකුත් ජීවිතේට තිබ්බා නං මේක පොඩ්ඩක් හොඳ වෙන්න තිබ්බා නේද කියලා මට කල්පනා උනා. ඉස්සර නං මං මේ වගේ බොළඳ දේවල් චැහ් කියලා ඉවත හෙලනවා. ඒත් වයස යන්න යන්න අපේ සිතුම් පැතුම් වෙනස් වෙනවා මං හිතන්නෙ. කොහොමත් මං ඉස්සර ඉඳන් එහෙම සීරියස් මනුස්සයෙක් නෙවෙයි.. සමහරවිට ඒකත් හේතුවක් වෙන්න ඇති මං ගැන එහෙම එකක් ශෙයාර් නොවෙන්න.. මං ඇවිල්ලා හෙන විහිලුවෙන් ඉන්න මනුස්සයෙක්.. මං මිනිස්සුන්ගෙ හිත හදන්න දන්නෙ එහෙම. කවුරු හරි අවුලින් නම්, මං උපරිම ට්‍රයි එක දෙනවා එයාලගෙ හිත හදන්න, හිත නිවන්න.. හැබැයි මගේ approach එක ටිකක් comedic නිසා, මාව සීරියස් ගැනෙන්නෙ නැතුවැති. මං කැමැත්තෙන් උන්නු අය සම්බන්ධයෙන් පවා මේක මෙහෙමයි එයාලා එයාලගෙ සීරියස් ලෝකවල, හෘදයාංගම මිනිස්සු එක්ක ඉද්දි, මගෙ කතා පේන්න ඇත්තෙ අනුකම්පා කළයුතු මනුස්සයෙක් කියන කියුට් කතා විදියට.. එයාලා එයාලව සනසන මිනිස්සු ගැන පෝස්ට් ශෙයාර් කරද්දි, හෝ කතා කරද්දි, ඒ කිසිම තැනක මාව සඳහන් නොවෙන්නෙ, සමහරවිට මං එයාලට ඒ සීරියස් හෘදයාංගම හැඟීම, peace කියන හැඟීම නොදීපු නිසා වෙන්න ඇති. මේවා නං කමක් නෑ කියමුකෝ මට ඇත්තටම අවුල් ගියේ, ඔය පෝස්ට් කතාව ඔස්සේ දිගට දිගට හිතාගෙන යද්දි, කවදාවත් මං වෙනුවෙන් කවුරුවත් කරලා නැති දේවල් ගැන කල්පනා කරද්දි. 🥲 හැම පාරම conversation start කරලා තියෙන්නෙ මම, මගෙ මහන්සියෙන් උත්සාහයෙන් තමා ඒවා අරං ගිහින් තියෙන්නෙ, ආදරණීය විදියට කතා කරන්න උත්සාහ කරලා තියෙන්නෙ මම, අනෙක් පැත්තෙන් ඒක දැක්කෙ නෑ වගේ නිකං පහළට ඇවිත් විතරයි, යවන මැසේජ් වල ෆීලින් එකක් කවලා හෘදයාංගමව යවලා තියෙන්නෙ සහ එහෙන් එවන ඒවට එහෙම මෘදු හෘදයාංගම බවක් ආරෝපණය කරං තියෙන්නෙ මම විතරයි. ලෝකෙ මිනිස්සු කී දෙනෙක්ට ඒ වගේ කවදාවත් නොලැබෙන හෘදයාංගම අත්දැකීම් ඇද්ද සහ හෙන සරළ මූලික හෘදයාංගම අත්දැකීමක් නොලබා මැරිලා යන මිනිස්සු කී දෙනෙක් මේ ලෝකෙ ඇත්ද කියලා මට කල්පනා උනා. ඒ ගොඩට මාත් අයිති වේවිද කියලා මට බය හිතුණා..q මං හිතන්නෙ, ඒක තමා මං ගොඩක්ම බයවුණු දවස. කාටවත් ඒ බය කවදාවත් දැනෙන්න හොඳ එකක් නෙවෙයි 🥺💓#CapCut #statuts #statutsvideo #fypシ #foryoupage #trending #viral #1millionaudition #1m #tiktok #tiktoksrilanka🇱🇰 #kiriya #කිරියා #saviya #සාවියා
200
1.9K
1
12.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: