403
3.5K
84.8%
මැණික-පණ-වස්තුව වගේ ආදරේන් කතාකරපු එයා.. දාලා යන්නේ නැ කියලා පුළුවන් හැම තැනම දිවුරපු එයා.. ඔයාත් එක්ක එකට ජීවත් වෙන්න හීන, බලාපොරොත්තු ගොඩගහපු එයා.. අද ඔයාගෙ අතින් එයාට කිසිම වරදක් සිදුවෙන්නේ නැතුවත්... කවදාවත්ම බලාපොරොත්තු නොවුණු විදියට එකසැරේම, "තමුසෙට මට වඩා හොද කෙනෙක් හම්බවෙයි මම යනවා සතුටින් ඉන්න..." කියලා කියද්දී හිතට දරාගන්න අමාරුයි නේද...? ඔව් ඒක එහෙම තමයි අපි ගොඩාක් ආදරේ කරපු කෙනෙක් අපෙන් ඈත්වෙද්දි අපිව දාලා යද්දි දුකයි තමයි.. එහෙම නැ කිව්වොත් ඒක බොරුවක්, මොකද අපි හැමෝම හැගීම් දැනීම් තියෙන මිනිස්සුනේ... ඔව් මනුස්සයෙක්ට වෙනස් වෙන්නට ගත වෙන්නේ හරිම පොඩි කාලයයි.. ඔව්, සමහර බැඳීම් වලට පුළුවන් අවුරුදු ගණන් නොවෙනස්ව ආපු දේවල් කොච්චර සාධාරණ හේතු තිබුනත් වෙනස් කරන්න... මිනිස්සු බයයි එයාල ආදරේ කරන එ බැඳීම් නැති කරගන්න... ඒක ඔයාට, මට අපි හැමෝටම පොදුයි.. සමහර වෙලාවට අපි අපේ ආත්ම ගරුත්වය ගැනවත් හිතන්නේ නැතුව බැඳීම් වෙනුවෙන්, එ බැදීම් රැකගන්න කැප කිරීම් කරනවා... සමහර බැඳීම් කාලයක් තිස්සේ තැලිලා පොඩි වෙලා පරණ වෙලා ගියත් ඒවා පවතින්නේ එකම එක පුංචිම පුංචි හේතුවක් උඩ වෙන්න පුළුවන්.. ඒත් ඒ පුංචිම පුංචි හේතුව ඒ බැඳීම තද කරලා තියාගන්නවා.. ඒ වගේම ඉස්සරහට අරගෙන යනවා... ඒ වගේ පුංචිම පුංචි හේතු වලින් බැඳීම් රැකගන්නවා වගේමයි, සමහර වෙලාවට සමහර බැඳීම් නැති වෙන්නත් එ වගේ පුංචිම පුංචි හේතු තදින්ම බලපානවා... ඒත් එක් කෙනෙක් තනියම ඒ බැඳීම කොයිතරම් තදින් අල්ලගෙන ඉන්න හැදුවත් අනිත් කෙනා අතාරින තැනට ඔළුව වෙනස් කරගෙන නම්.. පුංචි හේතු කීපයක් එකතු කරලා එයා ඒ බැඳීම නවතින තැනට එයා හේතු දක්වනවා... කොහොමත් බැදීමක් රැදිලා තියෙන්න නම්, දෙන්නාටම එක වගේ කැපකිරීම් කරන්න සිදුවෙනවා.. මොකද, කවදාවත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ නේද...? එ වගේමයි බැදීමකුත් එක්කෙනෙක් විතරක් බැදීම රැකගන්නට කොයිතරම් කැපකිරීම් සිදුකරත් අනිත් කෙනාගේ හිත වෙනස් වුනොත්, එ බැදීම වැඩි කාලයක් රැදිලා තියෙන්නෙ නැහැ... + "ඔයා ඔයාගේ ගමන යන්න, මම මගේ ගමන් යනවා.. අපි යන්නේ පාරවල් දෙකක අදින් මේක ඉවරයි...." - "ඇයි අපිට එක පාරක යන්න බැරි...?" + " ඔයා යන පාරේ කෙළවරක් නැහැ..." - ඒ කියන්නේ මේ හැමදේමක්ම අදින් ඉවරයි ද...? + "මට ඔයාට වඩා මගේ ටාගට් වටිනා, මට මෙහෙම ඉන්න බෑ හැමදාම..." - මේකද ඔයාගේ අවසන් තීරනේ.. ? + "හ්ම්ම්ම් ඔව්" - මට කියන්න දෙයක් තියනවා... + මොක්කද..? - මටත් ඔයාට වගේම සෑහෙන්න ටාගට් තියෙනවා, හැබැයි ඒ හැම ටාගට් එකක් ඇතුලෙම ඔයත් ඉන්නවා... #fypシ #fyp #シ #wairal__video #trending #school #fyppppppppppppppppppppppp #onemillionaudition #sachi #schoollife #シ #シ #シ
403
3.5K
84.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: