.liberula
Nov 16
22
283
20.9%
අපි දෙන්න මුලින්ම හම්බවෙන්නේ pre school එකේදී.එතකොට මම එයාව දන්නවා හැබැයි අපි අතර ලොකු හැඳුනුම්කමක් තිබ්බේ නෑ.ලස්සන සුදු බෝලයක් වගේ කොල්ලෙක් අහිංසක බැල්මක් දාගෙන ඉන්නවා , අදටත් pre school group photo එක අතට ගත්තම මට හිතාගන්න බැරි අපි දෙන්නා affair එකක් පටන් ගත්තා කියන එක. ඒ පුංචි කාලෙ මතකයෙන් පස්සේ අපි දෙන්නා හම්බුනේම නෑ ගොඩක් කල් යනකන්.ඊට පස්සේ ආපහු එයාව මට හම්බවෙන්නේ නවය වසරෙදි ඉතිහාසය පන්තියේදි.එතකොට අපි ඉස්කෝල දෙකක.ඒ වුනාට අපි අපිව දන්නවා.වචන දහයකට වඩා කතා කරන්නෙම නෑ.සමහර දවස්වලට විහිළුවක් ඇරෙන්න කතා කරන්නෙම නෑ. නවය වසරෙ ඉඳන් අපි සාමාන්‍ය පෙළ ලියනකම්ම ඒ පන්තියේදී හම්බුනා.ඔයා අවුරුදු කීපය අතර එයාටත් මටත් වෙන සම්බන්ධකමක් තිබුනා.ඒත් එක්කම සාමාන්‍ය පෙළ ඉවර වුණා.අපි ආයේ හම්බුනේ නෑ ඊට පස්සේ.තව ලොකු දෙයක් උනා.මම කිව්වනේ මට affair එකක් තිබුණා කියලා,ඒක නතර වුණා.ඒක නතර වුණත් එක්කම මට ටිකක් දරාගන්න අමාරු වුනා.අන්තිමට ඒ affair එක නතර වුනේ මං හොස්පිටල් වල නතර වෙලා මානසික අවුල් වලට බෙහෙත් ගන්න අතරතුරේදි. මං කොච්චර ඒ කාලේ මානසිකව වැටුනද කිව්වොත් මට උසස් පෙළ පටන් ගද්දි මුල් දවස් ටිකේ යන්නත් බැරි වුණා.කොහොම හරි ඕවා මගහැරුණා.මම ආපහු ඉස්කෝලේ ගියා.පොඩි පොඩි දේවල් පවා මට දරාගන්න බැරි වුණා.මම මාස ගණන් ගෙදර නැවතිලා හිටියා.ආපහු ඉස්කෝලෙ යනකොට යාළුවොත් වෙනස්වෙලා.යාළුවො මාව කොන් කරනවා වගේ මට දැනුනා.සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් හැදුවා.මම අසනීප වුණා.ඔය අතරතුරේ මම ගෙදර ඉන්න කාලේ facebook account එකක් හැදුවා.මොකද කලින් මට එච්චර සමාජ ආශ්‍රයක් තිබුණේ නැති නිසා.ටික කාලයක් යද්දී මට හුරුපුරුදු කෙනෙක්ගෙන් friend request එකක් ආවා.මම ඒක දැකපු ගමන් accept කරා.ඊට පස්සේ තමයි අපි ටිකක් කතා කරන්න පටන් ගත්තේ.අර පොඩි කාලේ ඉඳලම කතා නොකරපු කෙනා මාත් එක්ක හොඳට කතා කරන්න පටන් ගත්තා.ටික කාලයක් යද්දි මං මගේ හැමදේම එයත් එක්ක බෙදාගත්තා.එයත් එයාගේ දේවල් කිව්වා. දන්නවද වැඩක්,මම friend request එක accept කරපු ගමන් එයා මට දාලා තිබුනේ "ඒ බං උඹ ඉන්නවද මැරිලද?" කියලා.මොකද මම ගොඩක් කල් පේන්න හිටියේ නෑ. ඔහොම ඇතිවුන කතා බහ තමයි අද වෙනකොට ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ.අදටත් හිතාගන්න බැරි අපි දෙන්නා කොහොම හිටපු දෙන්නෙක්ද කොහොම affair එකක් පටන් ගත්තද කියලා. අපිට ගැලපෙන අය කොයි කාලෙ හරි අපිව හොයාගෙන එනවා.ඒක තමයි මම විශ්වාස කරන එකම දේ.මට වෙන යාළුවො නෑ.මගේ හොඳම යාළුවා එයා.මට දුරින් නෑදෑ වෙන අයියලා නෑ.ඒ හැම කෙනාම එයා.මගේ හැමදේම ලැජ්ජාවක් බයක් නැතුව කියන්න පුළුවන් එකම කෙනත් එයා.අදටත් මට ඒක අහම්බයක්.❤️ ඔයාටත් හම්බවෙන්න ඕන එහෙම කෙනෙක්.එහෙම කෙනෙක් හම්බ උනොත් එයාටත් දෙන්න මතක තියාගන්න මේ වගේ පුංචි gift එකක්.මට පුළුවන් ඔයාලට උදව් කරන්න. ආ..........තව දෙයක් , ඔය දෙන්නගෙ කතාවත් මට කියන්න අමතක කරන්න එපා. #fyp #foryou #foryoupage #viral #viralvideo #tiktok #srilanka#love #craft #couple #giftideas #handmade #lovestory❤️
.liberula
Nov 16
22
283
20.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: