මගේ මෑණිකගේ අලුත් පෙම්වතා වෙත, ඔය මං අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් බං.. කොටින්ම ඕකි මට මගෙ දරුවෙක් වගේ.. මං ඒ තරම් ආදරේ කරා.. මුරන්ඩුයි.. හිතන්නැතුව කරන මෝඩ වැඩ ගොඩයි.. ඒත් ඉවසපන් , හිත රිද්දන්න එපා.. ඕකි රවලා බැලුවත් අඩනවා.. ආදරේ නම් හොයයි ගොඩක්, බිසී වෙලාවට වද දෙද්දි උබට තරහ යයි.. හැබැයි ඒකි වෙනුවෙන් වෙලාවක් හදා ගනින්.. මොකද මමත් එහෙම කරා.. මහ ගොඩක් ආදරේ හොයනවා කිව්වට, නලලට දෙන එක හාදුවක් ඇති ඒකිට සති ගානකට දැනෙන්න.. දන්නෑ මගෙ ආදරේ මදි උනේ ඇයි , ඒ කොහොමද කියලනම්.. සමහරවිට මගෙත් අඩුපාඩු ඇති.. ඒකිට ඕන වෙයි හැම තිස්සෙම උබේ කට හඩ අහන්න.. උබ එක්ක චැට් එකේ ඉන්න.. ඒකිට නින්ද යනකන් උබට සින්දු කියන්න, කතන්දර කියන්න කියයි.. වැඩිය හිතන්න එපා ඒ ඒකිගෙ හැටි.. බය වෙන්න එපා , මට ආදරේ කරා තමයි.. මාත් දරුවෙක් වගේ බැලුවා තමයි ඒත් ඒකි ඇත්තටම මට අම්මෙක් උනා ඔව්... අම්මෙක් නැති මට ඒකි අම්මෙක් උනා..... කවදාවත් නොහිතපු තරම් ජීවිතේ ලස්සන තැන් මහ ගොඩක් ඒකි මට චූටි කාලෙකට ගෙනත් දුන්නා මමත් ටිකක් චපලයි මගේ වැරදිත් හන්දා ඒකිටත් රිදෙන්න ඇති ආදරේ හැටි මෙහෙමයි කියලා කියන්න බැරි උනත් ඒකි මට පෙන්නුවා ආදරේ කොහොමද කියලා මගෙයි ඒකිගෙයි මැදට සැරින් සැරේට මං තුන්වෙනියෝ ගේද්දි ඒකි තදින්ම මගෙ පපුවට තුරුළු උනා ඒකි මැණිකක්... ඒත් ඔපදාන්න තරම් මට පිනක් නැති උනා..... ඇත්තටම මං ම මගෙ අම්මව නැති කරගත්තා..... ඉතිං.... මචං.... මගෙ එකීගේ හිත රිදෙන තැන් ඔහොමයි...... හැමදේම දරාගනියි.... ඒත් ඒකි ඒකිගේ ආදරේ බෙදාගන්න හරිම ලෝභ එකියක්.ེ ඉතිං පැලෙන්න ආදරේ දීපන් පපුවේ තියන් රැකපන්.... ඉදහිටක මගෙ එකී සතුටින් කියලා මටත් කෙටි පණිවිඩයක් තියපන්..... අම්මෙක් උන දාට අනේ මටත් ඔය ලස්සන චූටි බන්ඩිය එක්ක බලන්න ආශිර්වාද පිරිතකට ආරාධනේ එවපන්... #pandagirl98🐼💜🌼 #HaNuMa🙈🥺🥵
44
510
2
17%
Cost:
Manual Stats:
Include in groups:
Products: