__mr_lokuu__
Apr 5
24
268
6.99%
ආනන්ද මම හැමදේම අතහැරපු බෝ ගහ යට ඇයි මේ මිනිස්සු වැඳ වැටිලා හැමදේම ඉල්ලන්නේ? ආනන්ද මේ තරම් පළතුරු වලින් ඇයි මේ චෛත්‍යය පුරවන්නේ ? ආනන්ද ඇයි හංදියක් හංදියක් ගානේ මගෙ රුව තැන්පත් කරලා ? කරන්න තියෙන පව් වැඩ මිනිස්සු හංදියක් ගානෙම කරද්දී මගේ රුව වුනත් දුක්වෙනවා ආනන්ද ඇස් පනාපිට මිනිස්සු තිරිසන් වෙද්දි.... ආනන්ද ඇයි මිනිස්සු මගෙ රුව ගාවට ඇවිදින් යාන වාහන ඉල්ලා වැඳ වැටෙන්නෙ ? මිනිස්සු පව් ආනන්ද කවුද ඒ බොරු මත මිනිස්සු අතරට යැව්වේ.... ආනන්ද ඇයි අර බෝ ගහේ සුදු පටි වලින් සරසලා අපල දුරු වේවා කියලා බැඳලා තියෙන්නේ? කියා දෙන්න ආනන්ද හිත දියුණු කරලා තමන් තුළ හටගන්නා ප්‍රාර්ථනා ඉටු වෙනකල් මහන්සි වෙලා වැඩ කරන්න කියලා.... බලන්න ආනන්ද ලෝකය දිහා කොච්චරනම් සැබෑ ආදරවන්තයන් අද මිථ්‍යාවෙන් වැහුණු වෙලාවල් කඩදාසි කොල නිසා වෙන්වෙලාද කියලා.... කවදද ආනන්ද මම කිව්වේ වෙලාවල් විශ්වාස කරන්න කියලා.... ආනන්ද ඇයි මේ භික්ෂුව සුර සැප මහල් වල වැඩ සිටින්නේ? ආනන්ද ඇයි මේ භික්ෂුව බීමතින් පන්සල් වල වැඩි සිටින්නේ? මතකද, ආනන්ද මම දේශනා කලා කොසොල් රජතුමාට එදා මගෙ ශාසනය විනාශ කරන්න, ධර්මය යට ගහන්න මිත්‍යාවන්ගෙන් වැහුනු මිනිස්සු කසාවත දරාගෙන මගෙ ශාසනය තුලම බිහිවෙනවා කියලා..... අද ඒ හැමදේම මහ පොළොවේ සිද්ධ වෙනවා ආනන්ද... ආනන්ද පාලකයාට බෞද්ධ ධර්මය රකින්න පුලුවන් කියලා මුසා කියව්වේ කවුද ශාසනේ රැකෙන්නේ ධර්මය ,විනය විතරයි කියලයි මං කීවේ. කවද්ද ආනන්ද මම දේශනා කලේ උපතින්ම දෙමව්පියන්ගේ ආගමින් බෞද්ධ වෙනවා කියලා.... බෞද්ධ යා කියන්නේ, ධර්ම මාර්ගයේ යන කෙනාටයි පින්බර ආනන්ද.... ආනන්ද ඇයි බිලි පූජා කරන කෝවිල් වල දේවාල අඩවි වල "නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියන්නේ? සත්තු මරන තැන්වල මිනිස්සුන්ට දෙස් තියන තැන්වල "නමෝතස්ස" කියන්න තරම් මිනිස්සු එච්චරම පහත් වුනා නේද ආනන්ද... ආනන්ද ඇයි පන්සල් වල මේ තරම් පිං කැටයට අගුළු දාලා හිර කරන්නේ? කවද්ද ආනන්ද මම දේශනා කලේ පිංවතුන් දෙන දානය හිරකරන් පන්සල් දියුණු කරන්න කියලා හිත් ගඳ ගහන්න දීලා.... රජ සැපත් දාලා ගිහි ගෙයින් පිටව ගොස් කසාවත පොරවගෙන මිනිස්සු හැමදේම ඉල්ලා හඬා වැටෙන බෝ ගස යට තමයි ආනන්ද, මම එදා හැමදේම අතහැරියේ.... #capcut #tiktok
__mr_lokuu__
Apr 5
24
268
6.99%
Cost:
Manual Stats:
Include in groups:
Products:
