150
782
27.2%
අපගේ භාග්‍යවත් ශාන්ති නායක තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරය මකුට බන්ධන නම් ස්ථානයේ දී රන් දෙන තුල දැවෙමින් පැවතිනි. ඒ අවට පරිසරය පරසතු මදාරා මලින් පිරී තිබුණි. රැස්ව සිටියවුන්ගේ දනක් පමණට දෙවියන් මල් අහුරා තිබිණි. බුදු සිරුර දැවුනද රන් දෙන පිළිස්සෙන්නේ නැත. අග්නි ජාලා දෙන තුලට ඇතුළු වී ශ්‍රී ශරීරය පමණක් ආදාහනය වන පරිදි එය නිමවා තිබුණි. මේ අවස්තාවේ දී මහත් සෘදි බල සම්පන්න රහතන් වහන්සේලා මෙන්ම බ්‍රහ්මයෝද, දෙවියන්ද, වෙස් ගත් නා ලොවවාසී නාගයෝද, යක්ෂයන්ද මේ ආදාහන පූජෝත්සවයට සහභාගී වී සිටියහ. හාත්පසින් නැගෙන්නා වූ ගින්නෙන් චිතකය දැවෙමින් පැවතිණ. මේ සිදුවීම දැක උහුලා ගත නොහැකි වූ රජවරු ද, සිටු, ඇමතිවරු ද ඔවුන්ගේ බිරින්දෑවරුන් ද "අහෝ ! ශාස්තෘන් වහන්සේ නැති කල්හි අපට මේ ආභරණ වලින් ඵල නැත" යි කියා තම තමන් පැලදි රන්, රිදී ආභරණ ගලවා භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට විසි කරන්නට වූහ. භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන මත ශ්‍රී ශරීරය ආදාහනය වෙද්දී විවිධ ප්‍රමාණයෙන් ධාතුන් වහන්සේලා ඛණ්ඩණය වීමට පටන් ගන්නට විය. මේ අතරවාරයේදී සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය තෙර නමක් වූ ඛේම නම් බලසම්පන්න මහ රහතන් වහන්සේ අභිඤ්ඤාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙණ ගැන බලා වදාරා ශ්‍රී ශරීරය දැවී ඇති බව දැක තේජෝ කසිනයට සමවැදී කිසිවෙකුට නොපෙනෙන අයුරින් ගිනි ඇවිලෙමින් තිබියදීම රන් දෙනට ඇතුළු වී අඩ සඳ වැනි ඒ උතුම් වම් යටි දළදා වහන්සේ ශ්‍රී හස්තයට ගෙන කාලිංග රටට වැඩම කොට එරට මහ රජතුමාට භාර දුන්නේය. නුවර දළදා මාලිගයේ අදටත් විරාජමානව වැඩ සිටින්නේ එම දළදා වහන්සේය. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ තවත් එක් ශිෂ්‍යයන් වහන්සේ නමක් වූ සරභූ නම් මහ රහතන් වහන්සේත් ඒ අයුරින්ම අභිඤ්ඤාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙණ ගැන බලා වදාරා ශ්‍රී ශරීරය දැන් දැවී ඇති බව දැක තේජෝ කසිනයට සම වැදී රන් දෙන තුලට ඇතුළු වී භාග්‍යවතුන් වහන්සේගේ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් වැනි වූ ග්‍රීවා ධාතුන් වහන්සේ රැගෙන ගොස් මියුගුණ ( මහියංගන ) නමින් සෑයක් කරවා එහි තැන්පත් කළ සේක. කච්චායන මහ රහතන් වහන්සේත් ඒ අයුරින්ම අභිඤ්ඤාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙණ ගැන බලා වදාරා ශ්‍රී ශරීරය දැන් දැවී ඇති බව දැක තේජෝ කසිනයට සම වැදී රන් දෙන තුලට ඇතුළු වී සිවුරු සතක් මවා භාග්‍යවතුන් වහන්සේගේ අස්ථි ධාතු දෙනමක් ගෙන ඒ අස්ථි ධාතුන් වහන්සේලා සිවුරු තුළට ගෙන එතැනින් අතුරුදහන් වූ සේක... මාගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේවා...!!!
150
782
27.2%
Cost:
Manual Stats:
Include in groups:
Products: