122
701
1
73.6%
මේක 🥺❤ දෙවනි පාරටත් මැරුණා....... ටයි කෝට් එක කලින් ඇඳලා තිබුනෙ නෑ මන් ජීවිතේටම සුවඳ පියුරෙන් වැඩක් උන් නෑ ආස උනෙ මං මගේ ගඳටම ගෙදර නිවි නිවි තිබුණු පහනෙත් එළිය දැක්කේ අදයි හොඳටම හුඟක් උන් කියනවා ඇහුනා මාව දැක්කේ අදයි හැඩටම එකම විදියට දිගට ඇඬුවා තැනක වාඩිව බිරිඳ මාගේ ඉහ උඩින් හිටි එකෙක්වත් නෑ උන්ට අමතක වෙලා වාගේ එදා බීලා රණ්ඩු කෙරුවම ගහලා පොඩිකල මූණ ඌගේ ඈත කොනකින් ඉන්නවා ඌ මම මොකුත් නොකෙරුවා වාගේ ආයේ ඉපදී වරෙන් ළඟටම හුඟක් උන් කියනවා ඇහුනා පෙලක් උන්නම් නිවන් සුව බන් කියලා කියනවා වාගේ ඇහුනා පෙට්ටියට කර තියපු උන් ටික දැකලා මිනියෙත් පපුව ගැහුනා හන්දියේ කුඩු කාරයොයි කියු උන්ගෙ කරපිට මිනිය තිවුනා ළගින් හිටි මගෙ ගොඩක් කට්ටිය මිනිය බලලා හෙමින් හැරුණා තවත් සමහරු සොහොන ගාවට ඇවිත් මඟකදි වගේ හැරුණා හිතේ කොහෙවත් හිටපු නැති උන් මිනිය ගාවම තනිව රැඳුණා අනේ බන් මම සොහොන ගාවදි දෙවනි පාරට ආයෙ මැරුණා #chama_official_1 #foryou #fyp #highlight #fallow #fypシ゚viral
122
701
1
73.6%
Cost:
Manual Stats:
Include in groups:
Products: