1.3K
44K
143
1,340%
තංගල්ල වනවාසී කුඩා විහාරයේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි 20 හැවිරිදි ශිෂ්‍ය හිමිනමක් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පිරිවෙනෙහි ගුරු හිමිනමගේ භාරයට ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් එම ශිෂ්‍ය හිමිනම ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගෙන තිබේ. එම හිමිනම සිය ආවාස කුටියේ දී මෙසේ දිවි නසාගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙම ශිෂ්‍ය හිමිනම් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයෙහි ජංගම දුරකථනය පිරිවෙනේ ගුරු හිමිනම විසින් පෙර දින තමන් හාරයට ගෙන ඇත. ඒ පිළිබඳව හිමි නම් සිත් තැවුලෙන් පසු වී ඇත. සිය දිවි හානිකර ගැනීමට එය හේතු වෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරති. මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන්ට ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇති බව කියති. සියදිවි හානි කර ගත් හිමිනමගේ දේහය තංගල්ල මූලික රෝහලෙහි තැන්පත් කර ඇත. හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තංගල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. #PrimeNews #primetime #Prime #lka #Newsfirst #Fastnews #hotneww
1.3K
44K
143
1,340%
Cost:
Manual Stats:
Include in groups:
Products: