viral.video388
Jun 15
15
238
14.4%
යෙහෙලියෝ - පලමු පරිච්ඡේදය සමන්ති හා මේනකා හමුවන්නේ පන්ති රැස්වීමකදීය. සමන්තිගෙ පුතා හා මේනකාගේ පුතා එකම ශ්‍රේණියේ විය. දෙදෙනා හමුවන පලමු දවසද එදින විය. සමන්ති හා රුවන් ලගදී නගරය වෙත පැමිණියේ තම පුතාගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසාවෙන් නව පාසලට ඇතුලත් කිරීම නිසාය. රුවන් හා සමන්ති උඩුදුම්බර රුවන්ගේ මහ ගෙදර සිට පුතාගේ අලූත් පාසලට ගමන් කිරීමට අපහසුව නිසා නගරයෙන් කුලී නිවසක් ගත්තේද සමන්තිගේ හා පුතාගේ පහසුව නිසාම විය. සමන්ති පුතා විවාන්ද එක්ක පාසලට සහභාගී වූයේ දෙමාපියන් සදහා වූ රැස්වීමට පලමු දිනටය. "ඔයාව මම කලින් ස්කොලෙදි දැකල නැ, දරුව ලගදිද ස්කොලෙට ආවෙ" මේනකා තමා අසල සිටි සමන්ති වෙත හඬ අවදි කලාය. "අනේ ඔව් පුතා විභාගයෙන් පාස් වුන නිසා අපිට මේ ස්කොලෙට එයාව දාගන්න පුලූවන් වුනා " සමන්තිද කතාවට එක් වූවාය. "අපේ පුතත් විභාගයෙන් පාස්, එයානම් පොඩි කාලේ ඉදන්ම මෙහෙමයි ගියේ ඔයාලත් හොඳ ස්කොලයක් තෝරගෙන තියනව පුතාට" මේනකා තම අදහස සමන්ති වෙත පැවසුවේ ඇගේ තේරීම නිවැරදි බව ඇගවීමට ලෙන්ගතු සිනහවක් ද ඇය වෙත පාමින්ය. "ඉතින් මගේ නම මේනකා" තමාව මුලින්ම හඳුන්වා දෙන්නට මේනකා පෙරමුණ ගත්තාය. "ඔයාගෙ නම මොකක්ද" මේනකා සමන්ති වෙතද පැනයක් නැගුවාය. "මම සමන්ති" සිනහවකින් මුව සරසා ගත් සමන්ති මේනකාගේ පැනයට පිලිතුරු දෙන්නට විය. මේනකා ජයසේකර හා සමන් නුවර ප්‍රදෙශයේ වාසයට පැමිණියේ ඔවුන්ගේ විවාහයෙන් පසු මේනකාගේ පියාණන් වූ ජයසේකර මහතාගේ අභාවයෙන් පසුවිය. ජයසේකර පවුලේ එකම දියණිය වූ මේනකා එම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මහ ගෙදර සමන් හා නතර විය. මේනකාගේ මව හෙදියක් වූ අතර ඇය විශ්‍රාම සුවයෙන් කාලය ගත කලාය. 39 වියැති මේනකා හා 42 වියැති සමන් එකල ප්‍රේම සබඳතාවක් මත විවාහව සිටියේය. ඔවුන්ගේද එකම පුතු සෙනුල් විය. "මේනකා ඔයාලගෙ පුතා මොන පන්තියෙද ඉන්නෙ” සමන්ති ඇයගේ විස්තර දැන ගැනීමට උත්සුක විය. "අපේ පුතා 6-E එකේ ඉන්නෙ. ඔයලගෙ පුතා මොන පන්තියෙද?" "අපේ පුතත් 6-E එකට දානව කිව්වෙ ප්‍රින්සිපල් සර්" සමන්තිගේ මුහුණේ සිනහ රැල්ලක් මෝදු වන්නට වූයේ ඇයටත් නොදැනීමය ඇයට හැඟුනේ අලූත් පාසලේ හිතවතියක් තමාට ඉක්මනින්ම ලැබුනු බවකි. එය එසේම මේනකාටද දැනින. "එහෙනම් දෙන්නටම හොදයි. මගේ තනියටත් එක්ක දැන් ඔයා ඉන්නවනේ ස්කොලෙ වැඩ වලට" මේනකාද සිනහවකින් සමන්ති දෙස බැලීය. දෙදෙනාම පාසල් රැස්වීම නිමවී පුතාලාද සමග පාරට පැමිණියේ නිවස බලා යාමේ අදිටනින්ය. මේනකා සමන්ට කෝල් කර තමාව ගන්නට එන ලෙස පවසා පාර අසල රැදී සිටියාය. මේ අතරතුර සමන්තිද එතනට පැමිණියේ විවාන්ද සමගය. "සමන්ති ඔයාල කොහාටද යන්නෙ" මේනකා සමන්තිගේ පිටට තට්ටුවක් දමමින් ඇසුවේ පාසල් හිතවතිය ගැන තවත් දැන ගැනීමටය. සමන්ති එක්වරම පිටුපස හැරී බැලූවේ තමාට කතා කරන්නේ කවුරුන්ද කියා තවමත් මේනකාගෙ හඬ නුහුරු වූ නිසාවෙනි. "ආහ් මේනකා ඔයාලද, අපි මේ බස් එකක් එනකන් ඉන්නෙ. අපි මේ ලඟ ඉන්නෙ නිව් කැන්ඩි වයින් එක ගාවලඟ "අපිත් ඒ පැත්තට යන්නෙ යමු අපි එක්ක.. මගේ මහත්තය එනව කිව්ව දැන්" එවිටම සමන් සුදු පැහැති ප්රීමියෝ රථයකින් පැමිණ සිටියාය. "සමන්ති යමු මේ ඉන්නෙ මගෙ මහත්තය" මේනකා සමන්ව සමන්තිට හදුන්වා දෙන්නට විය. සමන්ති හා විවාන්ව ගෙදරින් ඇරලවූ මේනකා හා සෙනුල් අත වනා ඔවුන්ගෙන් නික්මෙන්නට විය. සමන්තිටද ඔවුන්ගේ හමුව සිතට මහත් සැනසුමක් දැනෙන්නට වූයේ නොදන්නා තැනක විවාන්ට යහලූවෙකු හා තමාට මෙවන් හිතවතියක් ලැබීමය. එය ඇයට මහත් සතුටක් ගෙන ආවාය. සමන්තිගේ හැඩරුවෙන් ඇයගේ ගැමිකම හොදින් පෙනෙන්නට විය. ඇගේ ගමේ කම පරයා නෙත් නවතින තැනක් ඇයට උපතින්ම ලැබී තිබුනාය. ඇයගේ රූ සපුව මෙන්ම විසල් නිතඹ ඇයට එක්කලේ පිරිමින් දෙවරක් හැරී බලනා ලාලිත්‍යයකි. සමන්තිට පාසල් කාලයේ සිටම රුවන් හා විවාහ වුවත් කොල්ලන්ගෙන් තිබූ බැල්මෙහි අඩුවක් නොවින. ඇය උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කල කාලයේ එම කොල්ලන්ගේ බැල්ම හොදින් වැටහී තිබූ රුවන් ඇයව තම මෝටර් සයිකලයෙන්ම සෑම ගමනක්ම ගෙන ගොස් ඇරලවීමට වගබලා ගත්තේ සමන්තිගේ කාමුක බව ඔහු හොදින් දැන සිටි නිසා මෙන්ම ඇයගේ නිතඹ ගැන තිබූ දැඩි ලෝභ කමෙනි. සමන්ති කෙතරම් කාමුක වුවත් රුවන් සමග හෝ ඇයගේ එම අදහස් පැවසීමට ඇය මැළි වූයේ ඔවුන් දෙදෙනා අතර එවන් කතා බහක් විවාහයට පෙර හෝ සිදුව නොතිබීම නිසාය. ඇය කුලවත් චරිතවත් බව රකින්නට පුරුදු වූයේ රුවන් ඉස්සර කරගන්නට ඇයට උවමනා වූ නිසාය. "විවාන් නැගිටින්න අද ස්කොලෙ යන්නෙ නැද්ද" සමන්ති උදෑසනම අවදිව ගෙදර දොර කටයුතු කරන අතරතුර විවාන්ව අවදි කලාය. අලුත් පාසලේ ප්‍රථම දිනය ද එදින විය. "ඉක්මනට ලේස්ති වෙලා නාන කාමරයෙන් එලියට එන්න අම්මත් නාගන්න ඕන" සමන්ති විවාන්ට හදිසි කලේ ඇයගේද අලූත් රැකියා ස්ථානය වෙත යන පලමු දිනය එදින විය. විවාන් හා පාරට පැමිණි ඇයට ගොඩවන්නට වූයේ උදෑසන කාර්යාල වේලාව සදහා පැමිණෙන ඇගිල්ලක් ගසන්නවත් ඉඩ නැති බසයකට විය. ඇය විවාන්ද ඉදිරියට කර ගනිමින් බසයේ තරමක් මැදට ගොස් සිටගත්තේ ආසනයක් අල්ලා
viral.video388
Jun 15
15
238
14.4%
Cost:
Manual Stats:
Include in groups:
Products:
