thimira.kavishka
Mar 11
2K
10K
21
1,463%
ප්‍රකට ඉතිහාසඥයකු ලෙස සැලකෙන ගෞ.ඒ.ජේ.බී.අන්තෝනියස් (නි.ම.නි.)පූජාප්‍රසාදී තුමන් විසින් රචිත The Chronicle of the Sanctuary of Our lady Madhu කෘතියට අනුව 19වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම මෝදර කතෝලික කරත්ත ඔස්සේ තලවිල මංගල්‍ය නිමාකොට මරඳ මඩු සිද්ධස්ථානය කරා වන්දනාවේ පැමිණි බවත්,එම වාර්තාවන්ට අනුව ක්‍රි.ව 1879වසරේ දී එවකට උතුරු අනුපදවියේ රදගුරු අති උතුම් අර්නස්ට් ක්‍රිස්ටෝපර් බොන්ජින් හිමිපාණන්ගේ අනු දැනුම මත හා ආශිර්වාදය තුල පමුණුගම ජනතාව හා එක්ව මාර්තු මංගල්‍ය පැවැත්වු බවත් සදහන් වේ. ක්‍රි.ව 1887 දී සැදැහැවතුන් දෙදහක් පමණ ද, ඊලඟ වසරේදී සැදැහැවතුන් දෙදහස් පන්සියයක් පමණද සහභාගි වු බවත් සදහන් වේ. ඇතැම් ලේඛන වලට අනුව 1920වසරට පෙරාතුව මෙම මංගල්‍ය මාර්තු මස 13 වන දින පැවැත්වු බව නමුදු නිව වශයෙන්ම මෝදර ශු.සන්තියාගෝ අපෝස්තුලුතුමන්ගේ දේවස්ථානයේ සැදැහැවතුන් වෙත නිල වශයෙන්ම නිවේදනයක් සමග මංගල්‍යයක් සිදු කිරීමට අවසර දෙන ලද්දේ 1920වසරේදීය. මේ නිසාම එකල යාපනයේ රදගුරු වසමට අයත්ව පැවති මරඳ මඩු සිද්ධස්ථානයේ මෝදර ශු.මහා සන්තියාගෝ අපෝස්තුලුතුමන්ගේ දේවස්ථානයේ සැදැහැවතුන් සදහා මාර්තු මාසයේ 10 වන දින වෙනම මංගල්‍යයක් සිදු කිරිමට එවකට යාපනයේ රදගුරුතුමන් වු අති උතුම් හෙන්රි ජුලෑන්(නි.ම.නි.) හිමිපාණන් විසින් 1920වසරේදී අවසර ලබාදෙන ලදී. මේ කාලයේදී මරඳ මඩු සිද්ධස්ථානයේ පරිපාලක පියතුමන් වු ගෞ.ඊ.ඔලිව් (නි.ම.නි.)පියතුමන්ය. 1940වසරේදී ගැඹුරැ ආධ්‍යාත්මික සූදානමකින් යුතුව නුවාන පවත්වමින් මෙම මංගල්‍ය සමරන්නට තීරණය කරන ලදි තවද මේ කාලයේදී එවකට දේවස්ථානයේ දකුණු පසින් පැවති ශ්‍රී හෘදයේ දෙව්මැදුර තැනීමට මංගල්‍ය කමිටුව දායක වි ඇති බව සඳහන්ය. 1945 මෝදර. ශු.මහා සන්තියාගෝ අපෝස්තුලුතුමන්ගේ දේවස්ථානයේ සැදෑහැවතුන් මෝදර මරඳ මඩු මංගල්‍යයේ දියමන්ති ජුබිලිය සැමරෑ බව සියවස් ජයන්ති කලාපයේ සදහන් වේ. පසුකාලීනව ජනවාර්ගික හේතුමත යුධමය වාතාවරණයක් පැවතී සමයේදී හලාවත රදගුරු පදවියේ කන්ජුක්කුලිය මීසම් කුඩා මඩු මංගල්‍යය පැවැත්වීය. මේ නිසාම මාර්තු මංගල්‍ය ආරම්භ කොට වසර 125 පිරිමේ ජයන්තිය 2004 වසරේ දි පවත්වන ලදී. ඒ වෙනුවෙන් මරඳ මඩු සිද්ධස්ථානයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරන ලදී. යුධමය වතාවරණය නැවතත් ආරම්භ වී එය 2009 වසරේදී නිමා වු පසු, 2010 වසරේ සිට සුපුරුදු පරිදි මරඳ මඩු සිද්ධස්ථානයේ මෝදර. ශු.මහා සන්තියාගෝ අපෝස්තුලුතුමන්ගේ දේවස්ථානයේ සැදැහැවතුන් සදහා මාර්තු මාසයේ 10 වන දින මංගල්‍යය සිදු කරනු ලබයි. ඒ අනුව මේ වසරට මේ මංගල්‍යය ආරම්භ කොට වසර 146 කි. කරත්ත මංගල්‍ය ලෙස අදත් මෝදර ගම්වාසින් හදුන්වන්නේ මෙම මංගල්‍යය වේ. = කල්‍යාණි නදි තාරකා නිම්නය සියවස් ස්වර්ණ ජයන්ති සමරුව පොතෙන් උපුටා ගන්නා ලදී. LIFE IN CHRIST 🤲✝️🇻🇦 @VERITAS ❤️🔥✝️🌷 @ආවේ මරියා @Walk with God @Ambrose Cleon 🇱🇰💭 @@ God Jesus ❤️✝️
thimira.kavishka
Mar 11
2K
10K
21
1,463%
Cost:
Manual Stats:
Include in groups:
Products:
