shanigirl.999
Aug 11
63
315
15.9%
එක්කෝ මම හිස් වෙමින් ඇත.. එසේත් නොමැති නම් මා පරිණත වෙමින් ඇත.. පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා සිතීමක් දැන් මා තුළ නැත.. මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත් ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙස කරයි.. පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරා ගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත.. කොටින්ම කෙතරම් දරුණු කඩා වැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක... මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත.. මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත💚
shanigirl.999
Aug 11
63
315
15.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
