47
183
9.7%
අත්තම්මා💚 මතකයන් මහ ගොඩක් හදවතේ පුරවලා... මතකයෙන් මකන්නට බැරි , මතකයක් වෙලා... හැමට කලියෙන් නිවන් දොරටුවේ නම ලියා... අත්තම්ම මහ ගෙදර සිතුවමක තනි වුනා... එකෝමත් එක දිනක නුඹ කීව රස කතා... මතකයේ නටබුන්ව වැතිර ඇත සැතපිලා... ආදරෙන් බත් අනා කැව්ව හැටි සිහි වෙලා... ඇස් අගින් උණු කඳුළු නොදැනීම බොඳ උනා.... පෝය සඳ එන්න පෙර සුදු වතින් සැරසිලා... උන්නු හැටි මතකයේ සීරුවට ඇත ලියා... වේවැලෙන් රැක ගත්ත මහ පවුර නුඹ තමා... මව් ළඟට සෙනෙහසට ළඟම අත්තම්මලා... රැයේ මා ළඟ ඉඳන් කීව්ව කවි ගායනා... නොදැනීම ඇස් පියන් සුව නින්ද හැඩකලා... මහ රෑක නිදි පැදුරෙ කාටවත් නොදන්වා... අත්තම්ම නිවන්පුර වැඩිය ලොවටම හොරා... 💜️💜️
47
183
9.7%
Cost:
Manual Stats:
Include in groups:
Products: